IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මොණරාගල ක්‍රීඩා සංකීර්ණයට අගමැති මුල්ගල තබයි

(කේෂර ගුණතිලක)

මොනරාගල දිස්ත්‍රික්කය සඳහා අංගසම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. රුපියල් මිලියන 585 ක් වැය කර ඉදිකෙරෙන මෙම ක්‍රීඩා  සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අද (22) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල පිහිටි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවති භූමියේදී සිදුකෙරිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තබා සිහිවටන ඵලකය නිරාවරණය කළේය.

මෙම අවස්ථාවට ඉඩම් හා හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය කටයුතු පිළිබඳ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, ඌව පළාත් සභා මන්ත්‍රීවරු වන හරේන්ද්‍ර ධර්මදාස බණ්ඩා, ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන, සම්පත් ජයසූරිය, ජයසිංහ බණ්ඩාර සහ රෝයි කාවින්ද යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

මොණරාගල ක්‍රීඩා සංකීර්ණයට අගමැති මුල්ගල තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site