රොමේෂ් මධුෂංඛ
මන්නාරම් මඩු රක්ෂිතයේ ඉතා රහසිගතව සිදු කරගෙන ගිය දැව ජාවාරමක් වටලා දැව ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරීහු පවසති.
මඩු අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පූවර්සන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ද සමඟ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි වැටලීමකදී අදාළ දැව ජාවාරම් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
වැටලීම සිදු කරන ලද අවස්ථාවේදී මඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත ගස් ඉරා එම දැව තොගයන් කැබ් රථයකින් හා ට්‍රැක්ටරයනික් මඩු රක්ෂිතය තුළදී ප්‍රවාහනය කරමින් සිටියදී දැව තොගය ද සමඟ ට්‍රැක්ටරය සහ කැබ් රථය පැදවූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මඩු රක්ෂිතයෙන් රහසිගතව කපන ලද දැව ඉතා සූක්ෂමව වවුනියාව ,මන්නාරම හා යාපනය යන දිස්ත්‍රීක්කවලට ප්‍රවාහනය කිරීමට දැව ජාවාරම් කරුවන් සැලසුම් කර තිබූ බවටද මඩු අඩවි වන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මඩු රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි