IMG-LOGO

මඩකලපු සරසවිය ගැන වාර්තාව ජූලියේ පාර්ලිමේන්තුවට

(නිමල කොඩිතුවක්කු)
 
මඩකලපු විශ්වවිද්‍යාලය සම්බන්ධව සියලූ කරුණු පදනම් කරගෙන සකස් කළ සම්පූර්ණ වාර්තාව ජුලි පළමු සතියේ දී පාර්ලිමේන්තුවට බාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශූ මාරසිංහ මහතා කොළඹදී අද (20) පැවැසීය.

මෙම විශ්වවිද්‍යාලය රජයේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විය යුතු බවත් ඒ අනුව මෙය මඩකලපුව තාක්ෂණ විශ්වවිද්‍යාලය ලෙස පිහිටු වන ලෙසත් එම වාර්තාව මගින් යෝජනා කරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මඩකලපු විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් සකස් කරන ලද වාර්තාව පිළිබඳව කොළඹ අරලියගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමෙන් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව හමුවට මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතා වන හිරාස් හිස්බුල්ලා මහතා කැඳවා ඔහුගෙන් දිගින් දිගටම කරුණු විමසා බැලූ බවද ආශු මාරසිංහ මහතා එහිදී පැවැසීය.

 



අදහස් (1)

මඩකලපු සරසවිය ගැන වාර්තාව ජූලියේ පාර්ලිමේන්තුවට

janahitha Monday, 20 May 2019 04:32 PM

ඇයි මේ මාස ගණන් කල් ගන්නේ මේ වගේ වැඩවලට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1399 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 517 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site