IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෝටර් රථ අනතුරින් සැමියා මරුට බිරිය රෝහලේ

 ( කේ බුද්ධික කුමාරසිරි )

හයිලෙවල් මාර්ගයේ මීපේ ගලගෙදර ප‍්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මාර්ග අසල ස්ථානගත කර තිබූ විශාල ජල නලයක ගැටීමෙන් අද (18) සිදු වූ අනතුරකින් තුවාල ලැබූ එම මෝටර් රථයේ ගමන් ගත්  සැමියා සහ බිරිඳ හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැමියා මිය ගොස්  ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

අනතුරට ලක් වූ යුවළ විනෝද ගමනක් යාම සඳහා තම දියණිය හෝමාගම ප‍්‍රදේශයට රැගෙන ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරට හේතුව මිය ගිය පුද්ගලයාට නින්ද යාම බවට සැක කරන බවත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.

මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ තත්වය බරපතල නොවන බව ත් ඇය සුළු තුවාල හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රකාශිකාවක පැවසුවාය.

මෙලෙද මිය ගොස් ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය තක්සේරුකරුවෙකු ලෙස සේවය කර විශ‍්‍රාම ලැබූ  පාදුක්ක ඉංගිරිය පාර ලිපිනයේ පදිංචිව සිටි කළුමින් ජයසේන නමැති 62 හැවිරිදි තිදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂඛ චින්තක උයද කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිත අතර පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ජයවර්ධන මහතා විසින් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මෝටර් රථ අනතුරින් සැමියා මරුට බිරිය රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site