IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මෝටර් රථ අනතුරකින් ඉංජිනේරුවරයෙකු මරුට

(දයාරත්න ඇඹෝගම)
 
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේදි අද (02) මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී ඉංජිනේරුවෙකු මිය ගිය බව තඹුත්තේගම පොලිසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ හොරණපාර, හැටන් පදිංචිව සිටි සුරංග සම්පත් දහනායක(41)නැමති ඉංජිනේරුවරයෙකි.
 
ඔහු අනුරාධපුර සිට පාදෙණිය දෙසට මෝටර් රථය ධාවනය කරමින් සිටියදී,  අනෙක් මෝටර් රථය පාදෙණියේ සිට අනුරාධපුර දෙසටත් ධාවනය වී ඇති අතර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අසළ දී රථ එකිනෙක ගැටී ඇති බව තඹුත්තේගම පොලිසිය කියයි.
 
මින් බරපතල තුවාල ලැබු ඉංජින්ජිරුවරයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් මෝටර් රථයේ රියදුරා පොලිසිය අත් අඩංගුවට ගෙනතිබේ.
 
රියැදුරු අද (02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
 
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

මෝටර් රථ අනතුරකින් ඉංජිනේරුවරයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 840 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2481 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site