IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


මෝටර් රථයක් පෙරැළී 4කට තුවාල

(ඩී.කේ.රත්න)
 
ඌවපරණගම අඹගස්දෝව නව නගරය ආසන්නයේදී අද (16) මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් එකම පවුලේ සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඌවපරණගම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි අඹගස්දෝව පොලිසිය පවසයි.
 
ඉන් එක් අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වැලිමඩ මූලික රෝහලට මාරුකර යවා ඇත.
 
අඹගස්දෝව නව නගරය ප‍්‍රදේශයේ සිට ඌවපරණගම ලූනුවත්ත මාර්ගයේ ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක හැපී පෙරළීයාමෙන් මෙම අනතුර සිදු තිබේ.
 
මෙම අනතුරට ලක්වූ පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක්, පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුද්දක කුඩා දරුවෙක්ද වෙති.
 
අනතුරින් මෝටර් රථයටද දැඩි හානි සිදුව තිබෙන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 
 
අඹගස්දෝව පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මෝටර් රථයක් පෙරැළී 4කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32473 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14979 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9920 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site