IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැළී 4 ක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)

නලල්තන්නියේ සිට මාතර දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20  ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා අද (18) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළබව මස්කෙලිය පොලිසිය පැවසීය.

තුවාලකරුවන්ගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බවද පොලිසිය කීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ නල්ලතන්නිය හැටන් ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය කුඩා මස්කෙලිය ප්‍රදේශයේදීය.

මාතර සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් දෙදෙනෙක් සහ තරුණියන් දෙදෙනෙකු ශ්‍රී පාදස්ථානය වැද පුදාගෙන ආපසු මාතර දක්වා ගමන් කරන අවස්තාවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මොටර් රථය ධාවනය කළ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය පැවසීය.

 

 

 



අදහස් (0)

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැළී 4 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site