(නිශාන්ත කුමාර)
වියලුව, මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ලලිත් ජයවර්ධන මහතා තේරී පත්විය.
නව සභාපති වරයෙකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (03) පළාත් පාලන කොමසාරිස් එම් එම් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා විවෘත ඡන්ද විමසීමක් සිදු කෙරිණි. උප සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමන්ත කුමාර විජේකෝන් මහතා තේරී පත්විය.
සභාපතිවරයා ලෙස පත් වු ලලිත් ජයවර්ධන මහතාට ජන්ද 11 ක් හිමි විය. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මීගහකිවුල ප්‍රාදේශිය සභාව සදහා පොදුජන එක්සත් පෙරමුණීන් මන්ත්‍රීවරු අටක්,එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු පහක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරු තිදෙනකු ජනතා විමුක්ති පෙරමුණින් මන්ත්‍රීවරයෙක් පමණි.
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට