IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාගාල්ලේ සිව් මහල් නිවසක් ගිනි ගනී

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල මාගාල්ලේ සිව් මහල් නිවසක අද (04) රාත්‍රී ඇති වූ හදිසි ගින්නකින් නිවසට බර පතල හානි සිදුව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

නිවසේ ඉහළ මාලයේ පිහිටි මුළුතැන් ගෙයකින් ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේ එහි සිටි මව සහ පුතා පිටතට පැන දිවි බේරගෙන තිබේ.

සිද්ධිය සැළවිමත් සමඟ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ තුනක් සහ මාගාල්ල නාවික හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක්ද එක්ව ගින්න පැතිර යාම වළක්වා ගින්න මැඩ පවත්වන ලදී.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් ගාල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණි ඉහලවෙල මහතා පැවසීය.



අදහස් (0)

මාගාල්ලේ සිව් මහල් නිවසක් ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site