IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාගාල්ල පොම්පාගාරයේ වැඩ නවතී

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල නගරයේ වැසි ජලය ඉක්මණින් බැසයාමට ඉදිකරන ලද මාගාල්ල පොම්පාගාරය අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.එම ස්ථානයේ කසළ පිරී අපවිත්‍ර වී ඇත.

බ්‍රිතාන්‍ය යුගයේ දී ඉදිකරන ලද මෝඩ් ඇලේ ජලය වැසි අවස්ථාවක දී මොරගොඩ ඇළට කඩිනමින් එක් කිරීම සඳහා මේ පොම්පාගාරය ගාල්ල මහා නගර සභාව විසින් ඉදිකර ඇත්තේ 1988 වර්ෂයේ දී ය.

වරින් වර ප්‍රතිසංස්කරණය කරන ලද මේ පොම්පාගාරය අක්‍රිය වී ඇති හෙයින් තද වැසි අවස්ථාවක දී ජලය ඉවත්කළ නොහැකි වීම හේතුවෙන් නගරයේ කාණු උතුරාගොස් මාර්ග යටවීම නිරන්තරව ම සිදුවෙයි.

2004 වර්ෂයේ සුනාමියෙන් පසු ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර යටතේ මේ පොම්පාගාරය යළි පිළිසකර කර 2007 වර්ෂයේ දී විවෘත කෙරිණි. එසේ වුව ද දැන් එය ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක නැත. පොම්පාගාරයේ ඇතැම් කොටස් එම ස්ථානයෙන් ඉවත්කර ඇති බව ද බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ එම පොම්පාගාරය මේ වන විට අක්‍රීය තත්ත්වයේ ඇති බවයි.

“මොරගොඩ ඇළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දැනට ආරම්භ වී තියෙනවා,  මෝඩ් ඇලත් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරනවා. මේ යටතේ ගාල්ල නගරයේ ගංවතුර වැළැක්වීමේ නව සැලසුම් ක්‍රියාත්මක වෙන නිසා මේ පොම්පාගාරය අලුත්වැඩියා කිරීම සඳහා මුදල් වෙන් කළේ නැහැ.“යැයි ඒ මහතා පැවසීය.



අදහස් (0)

මාගාල්ල පොම්පාගාරයේ වැඩ නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site