IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මීගොඩ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 5 ක් කොල්ල කාලා

 (කේ බුද්ධික කුමාරසිරි )
 
නවීන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් බැංකුවට බැරකිරීම සදහා මුදල් රැගෙන යමින් සිටි ව්‍යාපාරිකයෙකුගේ යතුරුපැදිය මීගොඩ ආටිගල පාරේ දී හරස් කර අද  (08) උදෑසන ලක්ෂ පහකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
 
අදාල ව්‍යාපාරිකයා සීට්ටු මගින් භාණ්ඩ අලෙවි කිරීමේ නිරත වන අයෙකු බවත් ඔහු පවසන පරිදි දින කිහිපයක් නිවසේ එකතු වූ මුදල් බැංකු ගත කිරීමට යතුරුපැදියෙන් යමින් සිටියදී එම යතුරුපැදිය හරස්කර මෝටර් රථයක් නවත්වා එයින් බැස පැමිනි පුද්ගලයින් පස් දෙනෙකු විසින් තම අත තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදල කොල්ල කා පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
 
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සැක සහිත කරුණු ගණනාවක් ඇති බැවින් අදාල කොල්ලය සිදු වූ බව කියන ප‍්‍රදේශයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් අදාළ ව්‍යාපාරිකයාගේ සාක්ෂි මත වැඩි ටිරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවද මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

මීගොඩ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 5 ක් කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site