IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මීගොඩ මාළු ව්‍යාපාරිකයෙක් සැකකටයුතු ලෙස මිය ගිහින්

(කේ. බුද්ධික කුමාරසිරි)

මීගොඩ කරල් අමුහේන අතුරු මාර්ගයේ නවතා තිබූ ති‍්‍රරෝද රථයක් අසළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි මාළු ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් අද (03) උදෑසන හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි.

 

රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය ලද දැනුම්දීමකට අනුව රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂා කිරීමේදී එය රිය අනතුරකින් නොව වෙනත් හේතුවක් නිසා සිදු වූ මරණයක් බවට සැක පළ  කිරීම හේතුවෙන් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු කළ බවද පොලිසිය පවසයි.

මාළු ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රී  10 ට පමණ මීගොඩ නගරයේ පිහිටි මාළු වෙළදසැල වසා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී රථය පෙරැළී ඇති බවත් ව්‍යාපාරිකයා මිතුරන් දෙදෙනා ද සමග තම නිවසට ද ගොස් ඇති බවත්, ත්‍රිරෝද රථය අනතුරට ලක් වූ බැවින් ඒ පිළිබඳව රක්ෂණ ආයතනය දැනුවත් කළ යුතු බවත් පවසා පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

ඔහු අද (03) මීගොඩ නගරයේදී තවත් පුද්ගලයෙකු හමු වී කතාබස් කරමින් හිද අනෙක් මිතුරන් දෙදෙනා ද සමගින් පිටත්ව ගොස් ඇති බවත් එම පුද්ගලයන් දෙදෙනා අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය වූ දින අලුයම එම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ත්‍රි රෝද රථයක නිදාගෙන සිටින අයෙකු දැක කතා කිරීමේදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව දැක අසල්වාසින්ට දැනුම් දී ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මීගොඩ වටරැක කළුමුතුකැටිය වත්ත  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන උදයකුමාර ගුණවර්ධන නමැති 40 හැවිරිදි දෙදරු පියෙකි.

මිරිහාන අපරාධස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මීගොඩ පොලිසියේ නිලධාරීන් අදාළ ස්ථානයෙහි පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

 

 

 



අදහස් (0)

මීගොඩ මාළු ව්‍යාපාරිකයෙක් සැකකටයුතු ලෙස මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site