IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුඛ-කුර රෝගය ව්‍යාප්තවීමෙන් කිරි ගොවියෝ අනතුරේ

(කාංචන කුමාර ආරියදාස)
 
මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක කිරි ගවයන්ට මුඛ සහ කුර රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ කිරි ගොවීහු පවසති.
 
තම ප්‍රදේශයේ ගොවිපොළවල්වල කිරි ගවයින් සතුන් මිය යමින් සිටින බවත් කිරි නොමැතිකමින් ගව පැටවුන් මිය යන බවත් ඔවුහු පෙන්වා දෙති.
 
ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ ගොවීහු මෙම රෝගය නිසා තමන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ  හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වූහ.
 
කිරි ගවයන්ගේ දිවෙහි තුවාල සිදුවීම නවිසා ගවයන්  ආහාර  නොගනිමින් සිටින බවද  පසුව එම තුවාල ක්‍රමයෙන් ගවයාගේ කුරවලට බෝවී නැවත කිරි බුරුළුවලට එම තුවාල ව්‍යාප්ත වී යන බවද ඔවුහු  එහිදී පෙන්වා දුන්හ.
 
තම ප්‍රදේශයේ සිටින බටු හරකුන්ට ද මේ රෝගය වැළදෙන තත්වයක් මතුව ඇති බව ඔවුහු පැවසූහ. 
 
රජයේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ එක් සතෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 800 ක 900 ක  මුදලක් අය කරන බවත් එතරම් මුදලක් ලබා දී හරකුන් විශාල ප්‍රමාණයකට  ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් ගොවීහු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියහ.
 
මුලදී කිරි ලීටර් තිහක් ලබාදුන් ගොවිපලවල්වල කිරි ලීටර් 3 දක්වා කිරි අඩු වී ඇතිබවත්  කුර- මුඛ රෝගය වැළඳුනු එක් සතෙකුගේ මිල රුපියල් ලක්ෂ එකහමාරක් හෝ දෙකක් වන බවත් ඇතැම් කිරිගොවීන් රෝගය වැළඳුනු සතුන් මස් පිණිස මස් කඩ හිමිකරුවන්ට විකුණන බව ද ඔවුහු කියති.
 
ඇතැම් ගොවීන් තම ගව පට්ටියේ සිටින පිරිමි සතුන් අලෙවි කොට ඉතිරි වී සිටින ගැහැණු සතුන් ආරක්ෂා කරගැනීම සඳහා වීයදම් කර ප්‍රතිකාර කරන බවද ඔවුහු කීහ.
 
කිසියම් පෞද්ගලික සමාගමක් විසින් මෙම රෝගය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ඇති බවට මත පළවන බව  කිරි ගොවීහු කියන්නට වූහ.
 
සේනා දළඹු ප්‍රහාරය මේ වනවිට ජාතික ව්‍යසනයක්ව පවතින අතර ඊට වඩා වගකීමකින් කිරි ගව සම්පත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව කිරි ගොවි ජනතාව පෙන්වාදෙති. 
 
මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස දඬුබැඳිරුප්ප කිරි ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

මුඛ-කුර රෝගය ව්‍යාප්තවීමෙන් කිරි ගොවියෝ අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site