(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයට මැක්කන් විශේෂයක් බෝවීමෙන් අද (24) එහි පන්ති කාමරයක් තාවකාලිකව වසා දැමූ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක පී. නරේන්ද්‍රකුමාර් මහතා පැවසීය.
එම විදුහලේ 7 වසරේ පන්ති කාමරය තුළ ගේ කුරුල්ලන් විශාල වශයෙන් කූඩු බැඳ ඇති බවත්, එම කුරුල්ලන්ගෙන් බෝ වූ මැක්කන් පන්ති කාමරය තුළ වූ ඩෙස් පුටුවල සහ බිත්තිවලට බෝ වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මැක්කන් විශේෂය නිසා එම පන්ති කාමරයේ අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් 43 දෙනෙකුගෙන් 21 දෙනෙකු අසාදනය වී අද උදෑසන කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
එම සිසුන් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කීය.
පන්ති කාමරය තුළ බෝ වී ඇති මැක්කන් විශේෂය විනාශ කිරීම සඳහා කෘමිනාශක දියරයක් හෙට (25) ඉසීමට කටයුතු කර ඇති බවත්, ඉන් පසු පන්ති කාමරය පරීක්ෂා කර බලා ලබන 27 වැනි දා විවෘත කිරීමට කටයුතු කරන බවත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මැක්කන් බෝවීමෙන් පාසලක පන්ති කාමරයක් වහයි