IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාඔයේ අනවසර වැලිකැපීමේ ජාවාරමක් වටලයි

(චන්දන ප්‍රනාන්දු)      
                                                    
ජංතුරාවෙල ප්‍රදේශයේ මාඔයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි කැපීමේ ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා  බෝට්ටු 7 ක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.                                                                                                 
මාඔයට හානිකර ආකාරයෙන් බලපත්‍ර නොමැතිව වැලි කැපීම් සිදුවන බවට ලැබුණ තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදි එහි සිටි පුද්ගලයන් පිරිසක් මාඔයෙන් එගොඩට පිහිනා පලාගිය බවත් පොලිසිය කීය.       

                                      
මෙම බෝට්ටු භාවිතා කර සෑම දිනකම අලුයම 2 සිට වැලි ගොඩ දැමීම් කර ඇති බවත් එක් බෝට්ටුවකින් වැලි කියුබ් 3 ක් පමණ දිනකට ගොඩට ගෙන එන බවට තොරතුරු හෙළි වූ බවත් පොලිසිය කීය.         

 
ජංතුරාවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් මෙන්ම පිටස්තර පුද්ගලයන්ද මෙම ජාවාරමට හවුල් වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බැවින් ඔවුන්ව සොයා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසීය.                                                                                              
බෝට්ටු කිහිපය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.          



අදහස් (0)

මාඔයේ අනවසර වැලිකැපීමේ ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site