IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බහින් බස් වී හිටපු සිවිල් ආරක්ෂකයා මරලා

(රෝහණ චන්ද්‍රදාස)

බහින්බස්වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළැයි සැකකරුවන් තිදෙනෙක් අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය මගින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.

ඝාතනයට ලක්වූයේ අනුරාධපුර ගම්මිරිගස්වැව අසිරිග්ගම කට්ටුතම්බි සරිබු නැමති 67 හැවිරිදි එක් දරුපියෙකි. ඔහු විශ්‍රාමික සිවිල් ආරක්ෂකයෙකි.

පහරදීම නිසා බරපතළ තුවාල ලබා සිටි ඔහු ප්‍රතිකාර සඳහා පරසන්ගස්වැව රෝහලට ඥාතීන් විසින් රැගෙන යන ලද අතරතුර මියගොස් සිටි බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පවසති.

මෙම අපරාධ සිද්ධිය 12 වැනිදා පස්වරුවේ අසිරිග්ගම මුස්ලිම් පල්ලියට නොදුරින් පිහිටි මරණකරුගේ නිවස අසල දී සිදු වී ඇත.

ඝාතනයට ලක්ව සිටි විශ්‍රාමික සිවිල් ආරක්ෂකයාගේ සිරුර පරසන්ගස්වැව රෝහල් මෘත ශරීරාගාරයේ දී අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කාරියවසම් මහත්මියගේ නිරීක්ෂණ සටහන්වලින් පසුව ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යැවීමට පරසන්ගස්වැව පොලිසියට නියම කළා ය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත.

 



අදහස් (0)

බහින් බස් වී හිටපු සිවිල් ආරක්ෂකයා මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30956 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13087 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 864 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site