
(කුෂාන් ජයවරධන)
තුවාල ලැබූ වල් අලියෙකුට කලාවැව් ඉස්මත්තේදී ප්‍රතිකාර කිරීමට වනජීවි නිලධාරීහු අද (20) කටයුතු කළ අතර එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු එම වල් අලියා වනජීවි නිලධාරීන් බෙහෙත් එන්නත් කිරීමට යොදා ගත් එන්නත් කටු සියල්ල සපා කා විනාශ කර දැමූ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා පැවසීය.
මෙලෙස ප්‍රතිකාර කරනු ලැබූයේ ඉකුත්දා කලාවැව විජිතපුර ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් අනතුරට පත් වල් අලි තිදෙනා අතරින් එක් වල් අලියෙකුට වන අතර එම අලියාට ප්‍රතිකාර කරනු ලැබූයේ තෙවන වරටය. දුම්රිය අනතුරට ලක්ව සිටින එම අලියාගේ පසුපස පාදයකට බරපතළ හානි සිදුව තිබේ.
දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා සිටින එම අලියා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිමට පටන් ගෙන තිබේ. එම අලියාට දෙවන වරට ප්‍රතිකාර කළ අවස්ථාවේ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු එම අලියා වනජීවී නිලධාරීයකු ඇතුලු තිදෙනෙකු ගමන් ගත් ඔරුවකට කලාවැව් දියේදී පහර දෙනු ලැබීය.
අලියාගේ ප්‍රචන්ඩත්වය හමුවේ අද දිනයේ ද දැඩි වෙහෙසක් දරා එම අලියාට ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා පැවසීය. අද එම අලියාට ප්‍රතිකාර කරනු ලැබූවේ කලාවැව් ඉස්මත්තේ මහ වනය තුළදී ය.
එහිදී වනජීවී නිලධාරීන් අලියාට එන්නත් ලබා දීමට යොදා ගත් එන්නත් කටු සියල්ල සපා කා විනාශ කිරීමට කටයුතු කළ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා කීය.
වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා ඇතුලු පිරිසක් හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාරයාලයේ නිලධාරීහු අලියාට ප්‍රතිකාර කළහ.



2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙහෙත් එන්නත් කිරීමට යොදාගත් කටු සියල්ල වල් අලියා විනාශ කරදමයි