IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බස් - ලොරි රථ අනතුරින් 7කට තුවාල

(අජිත්ලාල් ශාන්ත උදය, වයි.ඒ.එස්.වීරවංශ, සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ)
 
පෞද්ගලික බස් රථයක් බලන්ගොඩ වැලිගෙපොළ ප්‍රධාන මාර්ගයේ දාමහන ප්‍රදේශයේදී  ලොරි රථයක ගැටීමෙන් අද(22) සිදු වූ අනතුරකින් හත්දෙනෙකු තුවාල ලබා ඇත.
 
තුවාල ලැබූ පිරිස අතර පාසල් සිසුන් තිදෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයකුද වෙති.
 
ඔවුන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
බලන්ගොඩ සිට යටිපස්ගමුව බලා ධාවනය වෙමින් තිබූ  බස් රථය වැලිගෙපොළ සිට බලන්ගොඩට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇත.
 
බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප- අජිත්ලාල් ශාන්ත උදය සහ වයි.ඒ.එස්.වීරවංශ)



අදහස් (0)

බස් - ලොරි රථ අනතුරින් 7කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site