(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පෞද්ගලික බස් රථයක රහසිගත කුටිර තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 170 ක ප්‍රමාණයක් අද (22) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය,කොඩිකාමන් සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරින් හා නාවික හමුදා බුද්ධි අංශ නිළධාරින් එක්ව ලැබුණු තොරතුරක් මත කල්පිටියේ සිට කොළඹ බලා ගමන් කිරිමට තිබූ මෙම පෞද්ගලික බස් රථය පාලවිය මංසන්ධියේ දී නවතා පරික්ෂා කර ඇති බව පොලිසිය පවසයි.
බස් රථයේ කිසිවකුටත් සැක නොසිතන ලෙසට ආසන වලට යටින් සකසා තිබූ කුටීර තුළ රහසිගත අයුරින් කිසිවකුටත් සැක නොසිතන අයුරින් මෙම කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබු බව සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් පවසන්නේ කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
අත්අඩංගුවට ගත් බස් රථය සැකකරුවන් හා කේරල ගංජා තොගය පුත්තලම මුලස්ථාන පොලිසියට බාර දීමට කටයුතු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බස් රථයේ කුටීරයක සඟවා කේරළ ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් දැලේ