IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බස් රථයක ගැටී කාන්තාවක් මරුට

(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

ඉමදූව සද්ධාතිස්ස මාවත අසළදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අද(10) කාන්තාවක මිය ගොස් ඇතැයි ඉමදූව පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ අඟුලුගහපදිංචිව සිටි යාපගේ ලිලානි ශාමලී නැමැති 69 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකි.
 
පොලීසිය පැවසුවේ, මෙම කාන්තාව සිය විශ්‍රාම වැටුප බැංකුවෙන් රැගෙන ආපසු එමින් සිටියදී අහංගම සිට මාකුඹුරට බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී අනතුරට පත් වී ඇති බවය.
 
බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඉමදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

බස් රථයක ගැටී කාන්තාවක් මරුට

Hasitha Tuesday, 10 March 2020 11:21 AM

හරිම කණගාටුදායක වගේම කම්පනය දනවන සිදුවීමක්. පුද්ගලිකව මම මේ ගුරුතුමියව දන්නවා. හරිම කරුණාවන්ත, අහිංසක, කාටවත් කරදරයක් නැති ළමයින් දහස් ගාණකගේ ඇස් පාදපු ගුරුතුමියක්. එකම එක දුවෙක් විතරයි ඉන්නේ. පව් ! ඒ ළමයා කොහොම අනාගතයට මූණ දෙයිද? මෙම කණගාටුදායක මරණයට වගකියන්න ඕනේ පුද්ගලික බස් මාරයානම් ඔහුට හොඳක් වෙන්නේ නෑ මේ අහස පොළොව නුහුළන අපරාධයට.

:       0       17

Walter White Tuesday, 10 March 2020 12:29 PM

බස් අයිතිකාරයෙක්, රියදුරෙක් කොන්දොස්තර කෙනෙක් දිහා බලන්න. ඔවුන් හිනා වෙනවා අඩුයි. මුහුණු නපුරු කමින් පිරිලා. ඉක්මනට කෝප වෙනවා. ඔවුන් කරන අමාරු රස්සාව නිසා වෙන්න ඇති. ඒ වගේම ළඟක ඉඳල බස් අනතුරු සිදුවීම වැඩියි. අපි පොඩිකාලේ සිටි ලංගම බස් රියදුරන්ගේ විනයක් තිබුනා. ඔවුන් දොරවල් නැති බස් වල අතින් ක්‍රියා කරවන දොරක් අරින වහන එකත් කළේ රිය පැදවීමට අමතරව. මිනිස්සුන්ට පා පුවරුවේ යන්න දුන්නේ ඊළඟට යන්න බස් එකක් නැති අවස්ථාවක විතරයි. එහෙම පුහුණුවක් විනයක් ලැබුණු බස් සේවාව දැන් පුද්ගලික බස් වගේම පිරිහිලා. මේ ප්‍රවනතාවය දැන්වත් නවත්වන්න ඕන. පුද්ගලික සහ රජයේ බස් සේවකයන්ට දැඩි පුහුණුවක් ලැබීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31820 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site