IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බස් රථයකට යටවී කාන්තාවක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පන්නිපිටිය ගුවන් පාලම අසලදී බස් රථයකට යට වීමෙන් යතුර පැදියක ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ මව , පියා සහ කුඩා දරුවෙකි.

අනතුරින් මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පැවසීය.

බරපතල තුවාල ලැබූ පියා සහ අවුරුදු හයක් වයසැති කුඩා දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මව පියා සහ කුඩා දරුවා යතුරු පැදියෙන් පන්නිපියේ සිට තලවතුගොඩ දෙසට යමින් සිටියදී  එම දිශාවටම ධාවනය වූ බස් රථයකට යටවී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

බස් රථයකට යටවී කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 2 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site