(කේ.බුද්ධික කුමාරසිරි )
හයිලෙවල් මාර්ගයේ හෝමාගම ගලවිලවත්ත මංසන්ධියේදී මාර්ගය හරහා මාරුවෙමින් සිටි පුද්ගලයෙකු කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් පෞද්ගලික රථයක ගැටීමෙන් අද (28) සිදු වූ අනතුරින් අනතුරට ලක් වූ පදිකයා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා තම රෝගී තත්වයකට ප‍්‍රතිකාර ලබා ගැනිම සදහා හෝමාගම මූලික රෝහලේ සායනයකට සහභාගී වීමට යමින් සිටි අතරතුර මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් අනතුර සිදු කළ බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම නිසාවෙන් එම අනතුර වළක්වා ගැනිමට නොහැකි වී ඇති බවද සිදු කළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම, දේවාල පාර කටුවාන, ලිපිනයෙහි පදිංචිව සිටි රාජපක්ෂ මුදලිගේ දොන් කරුණාරත්න නමැති 73 හැවිරිදි එක්දරු පියෙකි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බසයයක හැපී පුද්ගලයෙක් මරුට