IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බස්නාහිර පළාතේ කළ මෙහෙයුමකින් සැකකරුවන් 320 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 320 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙම පිරිසෙන් සැකකරුවන් 49 දෙනෙකු අපරාධ 44 කට අවශ්‍යව සිටි සැකකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් 860 දෙනකුගේ සහභාගීත්වයෙන් ඊයේ (29) බස්නාහිර පළතේ පොලිස් වසම් 110 ක් තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ බව පොලිසිය පැවසීය.

වරෙන්තුකරුවන්,  නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ පුද්ගලයන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වනබව පොලිසිය සඳහන් කළේය.

මෙම මෙහෙයුමේදී  හෙරොයින් , ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කීය.

 



අදහස් (0)

බස්නාහිර පළාතේ කළ මෙහෙයුමකින් සැකකරුවන් 320 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site