(දයාරත්න ඇඹෝගම)
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක බලහත්කාරයෙන් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළදසැලක සේවකයකු අද(08) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, තල්ගස්වැව පදිංචි 21හැවිරිදි වෙළඳසැල් සේවකයෙකි.
දූෂණයට ලක්වූ බව කියන මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ මිත්තනිය සමග ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටියි.
මෙම දැරිය පවුලේ අවශ්‍යතාවයක් සඳහා නොච්චියාගම නගරයට ගොස් ආපසු සිය නිවසට යාමට බස් නැවතුම්පළට පැමිණ සිටියදී සැකකරු නිවසට ඇරලීම සඳහා යතුරුපැදියට ගොඩවන ලෙස ඉල්ලා ඇත. සැකකරු හඳුනන බැවින් දැරියද යතුරු පැදියට නැග ඇති අතර ඔහු ඇයව කුසුම්පුර වැව් ඉස්මත්තට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය දැරිය විසින් සිය මවට පැවසීමෙන් පසු, මව පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද(08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නොච්චියාගම පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බාල වයස්කාර දැරියක අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට