(උපාලි ආනන්ද)
බාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවකුට එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (30) නියම කළේය.
ඊට අමතරව රුපියල් 9000 ක දඩ මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහු තවත් මාස තුනක ලිහිල් සිර දඬුවමකට ද යටත් කිරීමට නියෝග කෙරිණි.
වින්දිත බාලවයස්කාර දරුවාට මුදලින් රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කළේය.
2014 වසරේ ඔක්තෝබර් 8 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කැකිරාව පොලිස් බල ප‍්‍රදේශයේ තෝනිගලදී විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි.
මෙසේ දඬුවම් නියම වූයේ කැකිරාව තෝනිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වින්දිත දරුවාගේ ඥාතියකු බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණය විය.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කාර සිසුවකු අපයෝජනය කළැයි 20 වසරක සිරදඬුවම්