(කාංචන කුමාර ආරියදාස)
උන බට තුවක්කුවක් සෑදීම සඳහා උන බටයක් කැපීමට ගිය බාලවයස්කාර දරුවන් දෙදෙනකු නිරුවත් කර පහර දුන් බව කියන සැකකරුවකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා අද (16) නියෝග කළේය.
ගලේවෙල නිලන්නොරුව පදිංචි වයස අවුරුදු 14 සහ වයස අවුරුදු 12 පිරිමි දරුවන් දෙදෙනකු උන බට තුවක්කු සෑදීම සඳහා ඔවුන්ගේ නිවස අසල පිහිටි ගෙවත්තකට ඇතුළු වී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ගෙවත්ත අයිති පුද්ගලයා මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනා අල්ලාගෙන ඉතා අමානුෂික ලෙස පහර දී එක් දරුවෙකු නිරුවත් කර පහර දී ඇතැයි පොලිසිය කරන ලද පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ දරුවන්ට පහර දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකරන ලද්දේ ගලේවෙල නිලන්නොරුව පදිංචි එම්.ජී.කරුණාරත්න 58 හැවිරිදි පුද්ගලයෙකි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බාලවයස්කාර දරුවන් නිරුවත් කළ පහර දුන් සැකකරුවකු රිමාන්ඩ්
ලංකා Monday, 16 March 2020 10:03 AM
ඉස්සර අපේ අම්මලා තාත්තලා අපිට ගැහැව්වේ ම කලිසම් ගලවලා... ඊළගට අඩ අඩ හෙළුවෙන් තිබ්බා.
Freud Monday, 16 March 2020 01:31 PM
අපරාධකාරයට ලිංගික අපරාධ චෝදනාවක් මත අතිරේක දඬුවම් දීලා නම ගම දිවයින පුරා ප්‍රසිද්ධ කරන්න ඕන.