(චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් මාපිය බාරයෙන් රවටා රැගෙන ගොස් අපහරණය කිරිම සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන 19 හැවිරිදි සිංගක්කුලිය ප්‍රදේශයේ තරුණයෙකි.
තම දියණිය සිටි නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මෙම දැරියව පසුගිය ජූලි මාසයේදිත් කිසිවෙකුට නොදන්වා පාසලට යන අතරතුර රවටා රැගෙන ගොස් ඇති බවට පරික්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම දැරියව සැකකරු විසින් ප්‍රදේශයේ ලැගුම්හළකට ගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වු බවත් බාලවයස්කාර දැරියකට මෙලෙස නවාතැන් දීම සම්බන්ධයෙන් එම ලැගුම්හළට එරෙහිව පියවර ගැනිමට ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
දැරියව වෛද්‍ය පරික්ෂණයක් සඳහා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කාර දැරිය අපහරණය කළ තරුණයා අත්අඩංගුවට