(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ප්‍රේම සම්බන්ධතාවයකින් පසු 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් පාසල වෙත එන අතරවාරයේදී ඇය රවටා ගෙන මෝටර් රථයක නංවාගෙන ගොස් හක්මන ප්‍රදේශයේ පාලු නිවසක දී ඇයට අතවර කර රුපියල් සියයක් දුන් බව කියන පෙම්වතා වන උසස් පෙළ සිසුවකු හා ඔහුගේ මිතුරකු සැක පිට අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව කඹුරුපිටිය පොලීසිය පවසයි.
10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සැකකාර පෙම්වතා සමග මීට මාස කිහිපයකට පෙරදී ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙන බව තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහුගේ ඉල්ලීම මත පාසල් වෑන් රථයෙන් නිවසේ සිට පාසල වෙත එන අතරතුරදී කඹුරුපිටිය නගරයෙන් බැස ඇති සිසුවිය සැකකරු පැමිණී මෝටර් රථයට ගොඩවී ඇති අතර අතරමගදී සැකකාර පෙම්වතා ඇයට පාසල් නිල ඇදුම වෙනුවට ඇද ගැනීමට ඇදුමක් ද දී තිබෙන බව පොලීසිය සදහන් කරයි.
පසුව හක්මන නගරය පසු කර ටික දුරක් ගොස් පාලු නිවසකදී සැකකරුවන් දෙදෙනාම ඇයට ලිංගික අතවර කර නැවත ඇය බස්නැවතුම්පොළ වෙත ගෙනවිත් බස්සවා රුපියල් සියයක් ද දී පළා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
බාල වයස්කාර පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කාර දැරියට අතවර කළ පෙම්වතා සහ මිතුරා සොයා පරීක්ෂණ