(උපාලි ආනන්ද)
අනුරාධපුර නගරයේ ළමා නිවාසයකින් පැන ගොස් අනුරාධපුර පැරණි බස් නැවතුම් පලේ අතරමංව සිටි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් රවටා ගෙන හෝටලයකට රැගෙන ගොස් වරින් වර ඇය බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු ලබන මාර්තු මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් කිත්සිරි ද සිල්වා මහතා නියෝග කළේය.
ඒ මෙම සැකකරුවන් වැඩ බලන මහේස්ත‍්‍රාත් කිත්සිරි ද සිල්වා මහතා ඉදිරියේ පැවති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී තමා දූෂණය කලේ මෙම සැකකරුවන් තිදෙනා බවට පැමිණිලිකාර දැරිය ඉතා පහසුවෙන් ඔවුන් හඳුනා ගැනීමෙන් පසුවය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ තඹුත්තේගම පදිංචි බී ඒ සුදර්ශන බුද්ධික සදරුවන්, බුලංකුලම පදිංචි චතුර කුමාර අබේනායක සහ අනුරාධපුර මයිලගස්හංදිය පදිංචි ඩී ආර් ඉෂාන්ත නදීෂාන් ශානික දිසානායත යන සැකකරුවන්ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සදහන් කලේ මෙම පැමිණිලිකාර 15 හැවිරිදි බාල වයස්කාර දැරිය අනුරාධපුර නගරයේ ළමා නිවාසයක රදවා සිටියදි පසුගිය දිනක එම ළමා නිවාසයෙන් පැන ගොස් අනුරාධපුර පැරණි බස් නැවතුම් පලේ රැඳී සිට ඇති බවයි.
පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක අතුකෝරල මහතාගේ උපදෙස් මත එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවනේ නීතිඥ බුද්ධික ලෙව්කෝ බංඩාර මහතා පෙනී සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බාලවයස්කාර දැරියට අතවර කළ තිදෙනා රිමාන්ඩ්
ලුම්බිණි Thursday, 27 February 2020 08:23 AM
කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ලංකාව කොයි තරම් අනාරක්ෂිත තැනක්ද කියලා මේකෙන් පැහැදිලි වෙනවා.