IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බාලවයස්කාර දැරියට අතවර කළ තිදෙනා රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                    

ඥාති වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු අවස්ථා කිහිපයකදී වයස අවුරුදු 7ක බාලවයස්කාර දැරියක් වරින් වර අපයෝජනය කළ බව කියන සිද්ධියක  සැකකරුවන් තිදෙනාම එකවර අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ  වයස අවුරුදු 48, 52 හා 54 වියේ පසුවන්නන් වන අතර කුලියාපිටිය නින්දෙවෙල යාය හා දංකොටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ ද වෙති.

අධික මත්ලෝලීන් වූ සැකකරුවන් සමීපයේ පිහිටා තිබූ නිවෙස්වලට දැරිය කැඳවාගෙන ගොස් හා දැරියගේ නිවසට පැමිණ අපයෝජනය කර ඇති බව සිදුකළ මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

දැරියගේ මව විදෙස්ගතව පසුවන අතර මේවන විට දැරිය තෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටීයි.

පොලිසිය ලද තොරතුරකට අනුව වහා ක‍්‍රියාත්මක වූ පොලිසිය ගොස් දැරිය සිය බාරයට ගෙන කළ ප‍්‍රශ්න කිරීම් වලදී සියල්ල පවසා සිටීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අප්‍රේල් 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය.



අදහස් (4)

බාලවයස්කාර දැරියට අතවර කළ තිදෙනා රිමාන්ඩ්

මාවිල්මඩ වජිර හිමි Tuesday, 02 April 2019 07:01 AM

මොන ශාපයක්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ? ලෝකෙන් උතුම් රට කියලා උදම් අනනවා. උදේ හවස බණ පිරිත් අහනවා. ඒත් කරන තරමක් තිරිසන් වැඩමයි කරන්නේ. මෙහෙම රටක ඉපදෙන එකත් පවක්.

:       0       34

Nissanka Tuesday, 02 April 2019 07:14 AM

ඊයෙත් මේ වගේම ප්‍රවෘත්තියක් තිබුනා. අවරුදු හතක මල් කැකුලක් තලලා දාන්න හිත පිත් නැද්ද? මේවට නඩු අහලා හිරේ දානකොට තව අවුරුදු විස්සක්වත් යයි. වෙන රටවල්නම් මේ වගේ සිද්ධි විශේෂ නඩු කටයුතු ලෙස සලකලා ඉක්මනින් නඩු අහලා දඩුවම් දෙනවා. මේ වගේ කුඩා දරුවන් අපයෝජනය කරන පුද්ගලයන් සමාජයට අනතුරුදායක අය සේ සලකා ඔවුන් පුර්ණ බෙලහීනයන් බවට පත්කරන ඖෂධ ලබා දෙනවා. අපේ රටෙත් එවැනි දඩුවම් නොදුන්නොත් මෙවැනි අපරාධ වලක්වාගත නොහැකියි.

:       0       115

Dayal Tuesday, 02 April 2019 09:34 AM

හුඟක් ඉස්සර.... කුලියාපිටියේ හිටියා හොඳ මිනිස්සු..

:       4       5

දිමුත් Tuesday, 02 April 2019 01:35 PM

මහ ලොකු බෞද්ධ රට, පිරිහිලා තියෙන තරම!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site