(නිශාන්ත කුමාර)
බදුලුඔය හරහා පිහිටි තල්දෙන බෝලියද්ද නවයේ කණුව අත්වැල් පාලම දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් එයින් ගමන්ගන්නා ජනයාට මර බියේ එගොඩ, මෙගොඩ වීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන බෝලියද්ද, හුණුකැටපිටිය, පුස්සල්ලාව, කිඹූලත්තාවෙල, උඩවෙල, එගොඩවෙල, කීරියගොල්ල, වත්තේකැලේ ඇතුළු ගම්මාන රැසක ජනතාව බදුලුඔයෙන් මෙගොඩ පිහිටි බදුල්ල මහියංගණ මාර්ගය වෙත පැමිණෙන්නේ මෙම අත්වැල් පාලමෙනි. එගොඩින් පිහිටි වෙල්යාය වෙත බෝලියද්ද හා ඒ අවට ගම්වාසීන් ගමන් ගනුයේද මෙම පාලමෙනි.
මෙම අත්වැල් පාලම හැරුණුවිට ළඟපාතක වෙනත් පාලමක්ද නොමැත.
මීටර් 100 කටත් වැඩි දිගකින් යුත් මෙම පාලමේ ස්ථාන රැසක් මේ වන විට දැඩි සේ අබලන්ව පවතින අතර, ආධාරක කම්බි බුරුල් වී ඇති අවශ්‍ය ප්‍රමාණයට වඩා එහා මෙහා පැද්දෙයි. එහි අතුරා ඇති ලෑලි බොහොමයක් දිරාපත්ව ගැලවී ගොස් ඇත. ඇතැම් ලෑලි තහඩු පුපුරා කැඩී ගොස් තිබේ. මෙලෙස දිරාගිය ලෑල්ලකින් පය පැටලී ඇද වැටුණහොත් මහත් අනතුරක් වීමට ඉඩ ඇතැයි ජනතාව පෙන්වා දෙති.
ගැලවී ගිය ලෑලි වෙනුවට එහි යන එන පිරිස කැලෑවෙන් කපාගනු ලැබූ ලී, කෝටු ආදිය තබා ගැටගසා ඇතත් එය ඉතා අනාරක්ෂිත බව ද ඔවුහු කියති.
මෙම පාලම වෙත පැමිණීම සඳහා බදුල්ල මහිංයගන ප්‍රධාන මාර්ගයේ සිට අඩි කිහිපයක් පළල ගම්සභා මාර්ගයක් ඉදිකර තිබුණද, මේ වනවිට අවට ඉඩම් හිමියන් විසින් එම මාර්ගයද අත්පත්කරගෙන ඇති බැවින් මේවනවිට ඉතිරිව ඇත්තේ අඩි දෙක තුනක් පළල පාලමක් බවද ගම්මු සඳහන් කරති.
මෙම පාලම හරහා ගමන් ගන්නා බහුතරයක් පිරිස ප්‍රදේශයේ ගොවි ජනතාව වන අතර වී, පොහොර, එළවළු ආදිය කර තබාගෙන මෙම පාලමෙන් යති. බදුලු ඔයේ ජල මට්ටම හිටිහැටියේ ඉහළ යන බැවින් ඔය හරහා ජලයේ බැස එහා මෙහා යාමද ඉතා අනාරක්ෂිත කටයුත්තක් බව ඔවුහු කියති.
අබලන් වූ පාලම පිළිසකර කරදෙන්නැයි ජනතාව සොරණාතොට ප්‍රාදේශීය සභාව, ඌව පළාත් සභාව හා රජයෙන් ඉල්ලා සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බෝලියද්දේ මාරක පාලමෙන් එගොඩට යන මිනිස්සු