IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බලපත් නොමැතිව ගල් බෝර දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)  
 
පතල් හා භූ විද්‍යා කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව බිම හෙළා තිබූ විශාල ගල් කිහිපයක් පුපුරවා කුඩා කැබලි කිරීමට ගල් බෝර දැමූ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.

එම ඉඩමේ අයිතිකරු විසින් අද (10) මීට ඉහත කඩා බිම හෙළන ලද විශාල ගල් කිහිපයක් කුඩා කැබලිවලට කැඩීම සඳහා ගල් බෝර දමා පුපුරවා හැර ඇත.

එම ගල් පුපුරවා හැරීමේදී ඇති වූ කම්පන කිහිපයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

බලපත්‍රයක් නොමැතිව ගල් පුපුරවා හැරීම, බලපත්‍රයක් නොමැතිව වෙඩි බෙහෙත් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව  හැටන් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අප ඉඩමේ  අයිතිකරු  සිවකුමාර්ගෙන් අප කළ විමසුමකට ඔහු පැවසුවේ තමන්ගේ අනුදැනුමකින් තොරව ඉඩමේ සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකු විසින් බිම හෙළා තිබු ගල් කිහිපයක් කුඩා කැබලිවලට කැඩීම සඳහා ගල් බෝර කිහිපයක් දමා ඇති බවයි.

 



අදහස් (0)

බලපත් නොමැතිව ගල් බෝර දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site