IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බලපත් නැතිව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට මාවනැල්ල ප්‍රදේශයට බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ගවයන් ප්‍රවාහනය කරන ලොරි රථයක් අද (19) අලුයම දඹුල්ල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මස් පිණිස ඝාතනය කිරීමට මෙම සතුන් රැගෙන යන බවත් හයදෙනෙකු ප්‍රවාහනය කිරීමට ඇති ලොරි රථයක ගවයන් 20දෙනෙකු පටවාගෙන යන බවට දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් මීට පෙර ද ඉතා සූක්ෂම ලෙස විකල්ප මාර්ග ඔස්සේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් විවිධ ප්‍රදේශවලට සතුන් ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සතුන් අතර පිරිමි සතුන් 10 දෙනෙකු ගැහැණු සතුන් 10 දෙනෙකු වන බවද පොලිසිය කියයි.

මෙම සතුන් වව්නියාව  සෙට්ටිකුලම ප්‍රදේශයේ පටවා තිබෙන බවත් ඇතැම් විට  ප්‍රධාන මාර්ගයේ රාත්‍රී කාලයේ නිදා සිටින ගවයන් පැටෙව්වේ ද යන්න විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

මේ ලොරි රථය සම්පුර්ණයෙන් ආවරණය කර යාපනයේ ලොරියක් ලෙස පෙනුම වෙනස් කර ගවයන්ට දේවත්වයෙන් සලකන චිත්‍ර ඇඳ ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

බලපත් නැතිව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site