IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බලපත්‍ර රහිතව එළ ගවයින් ප්‍රවාහනය කළ 4ක් පොලිස් දැලේ

(එස් .ඩි .කොඩිකාර )

බලපත්‍ර රහිතව දෙනියාය ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශය දක්වා  එළ ගවයින් 5 දෙදෙනෙකු  ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් සිව් දෙනකු සමඟ අද (13) කොටපොල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ කොස්මෝදර  පොලිසියේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකු හා දෙනියාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24,25,36,55  අතර වයස් කාණ්ඩවල පදිංචි පුද්ගලයන් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගන්නා ලද එළ ගවයින් 5 දෙනා අතර  මාස 8ක  ගව පැටියකු ද සිටින බව පොලිසිය සඳහන් කරන අතර  මෙම එළ ගවයින් දෙනියාය බෙවරලිය ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශය දක්වා රැගෙන යන බවට ප්‍රදේශවාසීන් පොලිස් විශේෂ කාර්ය බළකා  කඳවුරට ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි.

අත්අඩංගුවට ගත් ගවයින් සහ ලොරි රථය කොස්මෝදර පොලිස්  ස්ථානයට රැගෙන යාමෙන් පසු  බෙවරලිය නාථගල  ප්‍රදේශයේ එළ ගවයෙකු නැති වූ  පුද්ගලයෙකුගෙ ගවයකු එම ලොරි රථයේ සිටියදී  හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා ලද ගවයින් සහ සැකකරුවන් මොරවක  මහේස්ත්‍රාත් අධිකරණයට (15) වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බලපත්‍ර රහිතව එළ ගවයින් ප්‍රවාහනය කළ 4ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site