(නවරත්න සමරතුංග)
බලපත‍්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සහ ගෝන මස් කිලෝ 12 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය පැවසීය.
වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධව පොලිසිය මගහැර පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තුවක්කු දෙක සහ මස් තොගය හමුවූ බව පොලිසිය කීය.
ඊයේ (06) රාත්‍රීයේ පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති සැකකරුවෙකු ලාතුගල ප‍්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
නඩු භාණ්ඩ සමඟ ඔවුන් අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලපත‍්‍ර නොමැති තුවක්කු 2 ක් සමඟ හතරක් අත්අඩංගුවට