IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බලපත්‍ර නොමැතිව මත්වතුර අලෙවි කළ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට

                           
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක     

                                
බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මත් වතුර බෝතල් 04 ක් ද සමඟ ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පවසයි.                                         

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.                                                       

ඔවුන් කුළුබඩු වෙළඳසල් දෙකක් පවත්වාගෙන යන මුවාවෙන් කාලයක් තිස්සේ බලපත්‍ර නොමැතිව රහසිගතව අරක්කු විකිණීම සිදු කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම කළ බවත් මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.                                               

සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර මෙම මස (28) දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.



අදහස් (0)

බලපත්‍ර නොමැතිව මත්වතුර අලෙවි කළ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site