IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් ප්‍රවාහනය කළ 2ක් අත් අඩංගුවට

(එච් .චන්දන)

බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු ලොරි රථයක් සමඟ අද (07) අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් අංශය කියයි.

පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති  චම්පික සිරිවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව කල්පිටිය ප්‍රදේශයේ සිට හෙට්ටිපොල දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මෙම බෙල්ලන් තොගය  පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොහොර උර 150 පමණ මෙම බෙල්ලන් වවිධ මට්ටමින්  අසුරා තිබූ අතර  , සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ මෙම බෙල්ලන් තොගය රුපියල් 18000 මුදලට මිලදී ගත් බවයි.  මෙම බෙල්ලන් හෙට්ටිපොලට ගෙන ගොස් කුඩු කර කුකුල් කැම සඳහා යොදා ගන්නා බව මූලික විමර්ෂණ වලදී ආණාවර්ණය වී ඇත.

බෙල්ලන් තොගය හා සැකකරුවන්  පුත්තලම පොලීසියට භාර දී ඇති අතර සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය පරීක්ෂණ පවත්වන අතර  සැකකරුවන්  පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් ප්‍රවාහනය කළ 2ක් අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site