(එස්. ඩී. කොඩිකාර)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ඔසුසලක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වරද පිළිගත් වෙළඳසැල් හිමියෙකුට මාතර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චම්පික රාජපක්ෂ මහතා අද (31) රුපියල් 75,000 දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ චමීර පෙදෙස, වැලිගම පදිංචි එම්.එස් .එම්.අප්හම් නැමති පුද්ගලයකුට ය.
මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වැලිගම ප්‍රදේශයේ කළ ඖෂධ වෙළඳසැල් සෝදිසි කිරීමේදී මෙම වැටලීම කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් ආහාර හා ඖෂධ පරීක්ෂක වයි.වී ද සිල්වා මහතා පෙනී සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලපත්‍ර නොමැතිව ඔසුසලක් පවත්වාගෙන ගිය අයෙකුට දඩ