(මනෝජ් හර්ෂික)
බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු ප්‍රදේශයන් නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය මුක්ත කළාප බවට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සුරා බදු දෙපාර්තමේන්තුව අරම්භ කර තිබේ.
ජනාධිපති මෛත්‍්රීපාල සිරිසේන මහතා හඳුන්වා දී ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මේ යටතේ සිය බල ප්‍රදේශවල විශේෂ වැටලීම් කටයුතු මෙන් ම මුර සංචාර සිදු කරන ලෙස ද සුරා බදු කොමසාරිස් ජනරාල් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව නීත්‍යනුකූල මත්පැන් බෙදා හැරීමේ හා විකිණීමේ කටයුතු විධිමත්ව සිදුවන බව නිරීක්ෂණය කෙරෙන අතර, බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව විධිවිධාන යොදා ඇත.
මීට අමතරව සමස්ත දිවයින ම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුම්වත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව සිදු කෙරේ.
නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් මෙම විශේෂ වැඩපිළිවෙළට මහජන සහය අපේක්ෂා කරන අතර ම නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු(011 2 045 077 / 78) මෙම දුරකතන අංකය ඔස්සේ දැනුම හැකිය.
තොරතුරු දැනුම් දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කරන බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලපත්‍රලාභී සුරාබදු ප්‍රදේශ හැර අනික් කළාප සුරාවෙන් තොර කිරීමට යයි