(එම් .සුසිල් ප්‍රියන්ත)
බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එම්.ඩබ්ලිව් .සෙනරත් මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැළද අද (16) පැවති මාසික සභා රැස්වීමට පැමීනීමත් සමගම සභා රැස්වීම දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
බඩු මිල දිනෙන් දිනම ඉහළ යතැයි කියමින් ඔවුහු මේ විරෝධතාවට එක්වූහ.
මාසික සභා රැස්වීම ආරම්භවීමට පෙර විපක්ෂ නායක එම්.ඩබ්ලිව්.සෙනරත් මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කලු පටි පැලද සභා රැස්වීම ඉදිරිපිට ගාලු පාර අයිනේ සිට විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවේ නිරතවූහ.
ඉන් පසු විපක්ෂ නායක එම් .ඩබ්ලිව්.සෙනරත් මහතා බඩු මිල ඉහලයාම සදහා සැකසු කවියක්(වස් කවියක්) කියමින් කපුරු පත්තු කරන ලද පොල් ගෙඩියක් මහ පාරේ ගැසුවේය.
විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභා ගැබට එත්ම පාලක පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ වාග් ප්‍රහාරයන් සමග මෙවර පැවති බලපිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීම දැඩි සේ උණුසුම්වී ගියේය .



2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලපිටිය ප්‍රා සභාව උණුසුම් වෙයි