IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිලිඳිය රෝහලේ දමා අතුරුදන් වූ මව සොයා පරීක්ෂණ

(රංජිත් රාජපක්ෂ)                      

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදි සිසේරියන් සැත්කමකින් බිහි කළ බිලිඳකු රෝහලේ අත්හැර දමා මව අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි නාවලපිටිය පොලිසිය  කියයි.
 
ඉකුත් මස 31 වෙනි දින උදරයේ අමාරුවක් බව පවසමින් නාවලපිටිය කඩියන්ලෙන ප්‍රදේශයේ පදිංචි ලිපිනයක් සහිත දෙදරු මවක් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.
 
රෝහලට ඇතුළත් වු  කාන්තාව ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමේදී එම කාන්තාව  දරු ප්‍රසූතියකට ආසන්නව සිටින බව තහවුරු කර ගත් වෛද්‍යවරුන් මෙමස 1 දින සිසේරියන් සැත්කමකින් ඇගේ කුසේ සිටි සිගිත්තිය රැගෙන මව වෙත භාර දී ඇත. සිගිත්තිය අයහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටි නිසා වෛද්‍යයවරුන් විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
 
සිගිත්තයගේ මව දෙදරු මවක් බවත්, දරු ප්‍රසුතියෙන් පසු ඇය ඉකුත් 6 වැනි  දින බැංකුවෙන් ඉල්ලුම් කර  තිබු ණය මුදලක් රෝහලෙන් බැහැරව යාමට අවසර ඉල්ලා රොහල් බලධාරීන්ට ලිපියක් භාරදී රෝහලෙන් බැහැරව ගිය නමුත්  යළිත් රෝහලට නොපැමිණි බව  නාවලපිටිය දිස්ත්‍රික් මහ  රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
 
කාන්තාව රෝහළට ඇතුළත්වීමේදි ඇය විසින් ලබාදුන් ලිපිනය පිළිබදව නාවලපිටිය දිස්ත්‍රික් මහ රොහල් පොලිසිය විසින් කළ  සොයා බැලිමකදී එම කාන්තාව කුලී පදනම මත එම නිවසේ පදිංචිව සිට පසුව එම ලිපිනය හැර ගොස් ඇති බවටද පොලිසියට තහවුරු වී ඇත.
 
එම මව සොයා නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බිලිඳිය රෝහලේ දමා අතුරුදන් වූ මව සොයා පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site