IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බලන්ගොඩ නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවෙලා

(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ නගරසභා සීමාවේ ඩෙංගු පැතිරීමේ අවදානමක් මතුව ඇතැයි බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක  බී. එල්. කේ. ලාලිත කුමාරසිංහ මහතා පවසයි.

මෙම අවදානම වැඩි වශයෙන් පවතින්නේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඉදිකිරීම් කේෂ්ත්‍ර, පාසල් සහ පන්සල් ආශ්‍රිතව බව හඳුනාගෙන  තිබෙන බව ඒ මහතා පැවැසීය.

ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීම සඳහා සෑමවිටම සෞඛ්‍ය අංශ විසින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුගමනය  කිරීම සඳහා ජනතාව වගබලා ගතයුතු බව කුමාරසිංහ මහතා පැවැසීය.

එම උපදෙස් ඇතැම් ආයතනවල නිලධාරීන් මෙන්ම ජනතාව  නොසලකාහැරීම හේතුවෙන්  ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමට නොහැකිවීමෙන් නගර සභා සීමාවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානය  ඉහළ ගොස් ඇති බවද හෙතෙම කීය.

මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වෙමින්  පවතින බවත්  ලබාදෙන උපදෙස් අනුගමනය නොකර පුද්ගලයන්ට එරෙහිව නිවේදන  නිකුත්  කිරීමට  මෙන්ම  නඩු  පැවරීමට  කටයුතු  කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

බලන්ගොඩ නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site