IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බලන්ගොඩ කාන්තාවක් ගසකට නැග උපවාසයක

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියවින්න ප්‍රදේශයේ  රක්ෂිත ප්‍රදේශයක වෙසෙන කාන්තාවක අද(26) බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිදුලෙහි වූ අඩි 100ක් පමණ උස සල්ගසකට නැග උපවාසයක් ආරම්භ කළාය.
 
තමන්  ජීවත්වන නිවස කඩා  ඉවත්  කිරීම  සඳහා අධිකරණයෙන්  නියෝගයක්  ලැබී ඇතැයි  පවසමින් එයට විරෝධය  දක්වමින් ඇය උපවාසය ආරම්භ කළාය.

බලන්ගොඩ දියවින්න ග්‍රාම සේවා වසමට අයත් රක්ෂිත ප්‍රදේශයක පදිංචිව සිටින එස්.ඩී.ලයානි පුෂ්පලතා නැමැති දෙදරු මව මෙලෙස උපවාසයක නිරත වූවාය.

එම ස්ථානයට පැමිණි  බලන්ගොඩ පොලිසියේ නිලධාරීහු,  ළමා හා  කාන්තා  අංශයේ  ස්ථානාධිපතිනි සාලිකා රාජපක්ෂ මහත්මිය  සහ බලන්ගොඩ ප්‍රදේශය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා  ඇතුළු  පිරිසක්  එම කාන්තාවට ගසෙන්  බසින ලෙස දන්වා සිටියහ.
 
පසුව  අදාල  කාන්තාව  ගසෙන්  බැස තමන්ට සිදුව  තිබෙන අසාධාරණය  සම්බන්ධයෙන්  බලධාරීන්ට  චෝදනා  කර සිටියාය.

අදාල  රක්ෂිත  කලාපයේ තවත් පවුල්  තුනක්  පමණ ජීවත්වෙන බවත් ප්‍රදේශයේ  ග්‍රාම නිලධාරීවරයාගේ උවමනා එපාකම්වලට  මෙලෙස තමන්ට පමණක්  නඩු පවරා ඇති  බවත් ඇය  පැවසුවාය.

මේ සම්බන්ධයෙන් බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.හේමන්ත බණ්ඩාර මහතාගෙන්  කළ විමසිමකදී ඒ මහතා මෙසේ  කිය.

“අනවසරරෙන් රක්ෂිත ප්‍රදේශයක  නිවාස ඉදිකර ඇති පවුලට  එරෙහිව  2015 වසරේ තමයි   නඩු  පවරලා තිබෙන්නේ. බලන්ගොඩ  අධිකරණයෙන්  සහ රත්නපුර මහා අධිකරණයෙන්  තමයි නියෝග  කරල තිබෙන්නේ මෙම රක්ෂිතයේ  අනවසරයෙන්  පදිංචි වී සිටින නිවස කඩා ඉවත්  කරන්න  කියලා. මේ සඳහා වෙනත් ප්‍රදේශයකින්  ඉඩම්  ලබා දෙන්න එම කාන්තාව  ඇතුළු  පවුල  සමග සාකච්ඡා  කළා. නමුත්  එම කාන්තාව  අකමැත්ත  පළ කරනවා. එම ස්ථානයේම තමයි පදිංචි වෙලා ඉන්න හදන්නෙ. තවත්  පවුල්  තුනක්  රක්ෂිත  කලාපයේ අනවසරෙන් නිවාස  ඉදිකරලා ජීවත්වෙනවා. නමුත්  ඒ අය ⁣මෙයට වසර ගණනාවකට  පෙර පදිංචි  වී සිටින අයයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් මහ ලේකම්වරිය  සමග සාකච්ඡා කිරීමට  එම කාන්තාව  බලන්ගොඩ පොලිසියේ  නිලධාරීනියන් සහ ප්‍රදේශීය  ලේකම්වරයා විසින්  රත්නපුර  දිස්ත්‍රික් ලේකම්වරිය හමුවට රැගෙන යාමට ද කටයුතු  කළා” යැයිද ඒ මහතා කීය.



අදහස් (1)

බලන්ගොඩ කාන්තාවක් ගසකට නැග උපවාසයක

හේමන්තා Friday, 27 September 2019 01:16 AM

රක්ෂිතයේ පදිංචිකරුවන් කීප දෙනෙක් සිටියත් මෙම කාන්තාව පමණක් ඉවත් කිරීමට කටයුතු කළ බවක් ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශයෙන් පේනවා.ඉවත් කරනවානම් සියලු දෙනාම ඉවත්කළ යුතුයි.මෙහි සාධාරණ බවක් පේන්නේ නැහැ. නිවැරදි තීරණයක් ගැනීමට නොහැකි මෙවැනි අය තනතුරු දැරීම හරිම කණගාටුවක් කියන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 107 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site