බී.ජී. චතුරංග
අනුරාධපුර පූජා නගරයේ පිහිටා තිබෙන පෙරිම්යන්කුලම අශෝක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක විශාල බඹර කූඩුවක් බැඳ තිබීම හේතුවෙන්, එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව සඳහා අද (14) එම පාසල වසා දැමූ බව පාසලේ විදුහල්පති යූ. එල්.ගුණසිංහ මහතා පැවසීය.
අද (14) උදෑසන දරුවන් පාසලට පැමිණෙන විට ගොඩනැගිල්ලේ කොටසක බැඳ තිබූ විශාල බඹර කූඩුව දැක, එම ස්ථානයට ගිය දරුවකුගේ පියකු හට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් එම පියා රෝහල්ගත කර තිබේ.
දරුවන්ට අනතුරක් සිදුවේ යැයි ඇතිවූ බිය හේතුවෙන් කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කර පාසල වසා දැමීමට පියවර ගත් බව විදුහල්පති වරයා පැවසීය.
පොලිසිය හා වනජීවි කාර්යාල දැනුවත් කර එම බඹර කූඩුව ඉවත් කිරීමට කටයුතු කරන බව විදුහල්පති වරයා වැඩි දුරටත් පැවසීය.

2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹරු ඇවිත් පාසලක් වසති