(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
බීමත් පුද්ගලයන් හඳුනාගත හැකි නව විද්‍යුත් උපකරණයක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දසුන් සත්සර සෙනරත් රත්නායක සිසුවා විසින් නිපදවා තිබේ.
මෙම උපකරණය යම් පුද්ගලයෙකුගේ මුවට ලංකර ප්‍රාශ්වාස කරන වාතය එහි ගැටීමට සැලැස්වූ විට එහි අගයන් සහිත ඉලක්කම් ප්‍රදර්ශනය වෙයි. ශරීරයේ පිටතින් ගත් ඇකොහොල් ඇත්නම් සංඥාවක් නිකුත් කර ‘’Alert” යැයි සටහන් වෙයි. එහි පෙන්වන අගය 500ට වැඩිනම් එම පුද්ගලයාගේ ශරීරයේ ඇලකොහොල් සාන්ද්‍රණය වැඩිය. අගය 400ට අඩුනම් ඇල්කොහොල් භාවිත කර නැත. අගය 500ට අඩුනම් එය සාමාන්‍ය තත්ත්වයකි. එවිට එහි Normalලෙස සටහන් වෙයි.
ඇඹිලිපිටිය මොරකැටිය පාරේ පදිංචි දසුන් සත්සර සෙනරත් රත්නායක නම් වූ මෙම දරුවා නිපදවු නව උපකරණය බීමත් රියදුරන් අල්ලා ගැනීමට උපකාරී වනු ඇතැයි පැවසූ ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා එය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා සමග සාකච්ඡා කරන බව ද කීවේය.
බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලීසිය වැනි ආයතනවලට මෙම උපකරණය ලබාදීමට බලාපොරොත්තු වෙයි.
නව නිර්මාණය කළ සිසුවා මෙසේ කීය.
“මේ උපකරණය සංවේදී වෙන්නේ ඇල්කොහොල්වලට විතරයි. ඇනගොල් සංඥාවක් එකක් ඩිජිටල් සංඥාවක් බවට පත්කරලායි මෙයින් පෙන්වන්නේ. බීමත් පුද්ගලයන් හඳුනාගන්න හොඳ උපකරණයක්. මේක පුද්ගලයෙක් ප්‍රාශ්වාස කරන වාතයේ තියන ඇල්කොහොල් ප්‍රමාණය තමයි මනින්නේ.”
“සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරීරයේ යම් ඇල්කොහොල් ප්‍රමාණයක් තියනවා. මත්ද්‍රව්‍යයක් ලෙස ඇල්කොහොල් භාවිතා නොකළත් ඒ ප්‍රමාණය ශරීරයේ තියනවා. එහෙම කෙනෙකුට මේ යන්ත්‍රයෙන් ඔහු ඇල්කොහොල් භාවිත කළ අයකු බව පෙන්වන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව මේ නිර්මාණය තුළින් බීමත් රියදුරන් හඳුනාගෙන දිනපතා සිදුවන රථවාහන අනතුරු ප්‍රමාණය අවම කරගෙන රිය අනතුරුවලින් වන ජීවිත හානිය අවම කරගන්නයි.
“එල්පී ගෑස් කාන්දුවක් ඇත්නම් ඒ බව දන්වන උපකරණයක් සෑදීමයි මගේ ඊළඟ අරමුණ. ඒ සඳහා අවශ්‍ය මූලික නිර්මාණ කටයුතු අවසන් කරලා තියනවා. එල්පී ගෑස් විකුණන ව්‍යාපාරික ස්ථානවලට, ගෑස් භාවිත කරන නිවාස වලට එය වැදගත් වෙයි කියලා හිතනවා.”




2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමත් පුද්ගලයන් හඳුනාගැනීමේ නව උපකරණයක් නිපදවයි