ඉන්දිකා රාමනායක
බීමතින් අපරික්ෂාකාරී ලෙස මගී බස් රථයක් පැදවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් මාර්ග අංක 141 පෞද්ගලික බස් රථ රියදුරයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් සුලෝචනා අබේවික‍්‍රම මහත්මිය මාස 2 සිරදඬුවමක් සහ රුපියල් 12,500 ක දඩයක් නියම කළාය.
මෙම දඬුවමට අමතරව සැකකාර රියදුරුගේ රියදුරු බලපත‍්‍රය වසරක කාලයකට අත්හිටුවීමට ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළාය.
මෙලෙස දඬුවම් නියම වුයේ නාරාහේන්පිට මාර්ග අංක 141 වැල්ලවත්ත- නාරාහේන්පිට පෞද්ගලික බස් රථය රියදුරකු වු පුනාගල පදිංචි පැටි‍්‍රක් බෙනඩික් නැමැත්තාටය.
මොහු ඊයේ (30) පාමංකඩ හංදියේ සිට මායා වටරවුම මාර්ගයේ ද්විත්ව සුදු ඉර කපාගෙන අපරික්ෂාකාරි ලෙස බස් රථය ධාවනය කරමින් සිටියි වැල්ලවත්ත පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ස්වසන පරීක්ෂණයට ලක් කිරීමේ දී ඔහු අධික බීමතින් සිටි බවට අනාවරණය කරගැනීමෙන් පසු බීමතින් මගී බස් රථයක් පැදවීම, අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ වැල්ලවත්ත පොලිසිය සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමතින් රිය පැදවු රියදුරුට දෙවසරකට බලපත්‍රය අත්හිටුවයි