(සිතුම් චතුරංග)
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා ඕමන්ත, පාලමොට්ටෙයි වැව ආසන්නයේ අසාධ් යතත්වයෙන් සිටි වල් අලියා වෙත අනුරාධපුර කලාප වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ඇතුළු විශේෂ වනජීවි නිලධාරී කණ්ඩායමක් අද (21) ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කළහ.
දින දහයක පමණ කාලයක් තුවාලය හේතුවෙන් අලියා පාලමොට්ටෙයි වැවතුළ බැස රැදී සිටියදී ප‍්‍රදේශවාසීන් විසින් වවුනියාව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ප‍්‍රතිකාර ආරම්භ කරනු ලැබීය.
අවුරුදු 35 පමණ වන, උසින් අඩි අටක් පමණ වන මෙම අලියාගේ ඉදිරි පාදයේ බඳින තුවක්කුවක් පත්තු වී හටගත් තුවාලයක් හේතුවෙන් මෙලෙස දින ගණනක් වේදනාවෙන් සිටි බව වවුනියාව වනජීවි කාර්යාලය පැවසීය.
වනජීවි නිලධාරීන් පැවසූයේ අලියාගේ එක් ඇසක පෙනීම ද අහිමිවී ගොස් ඇති බැවින් අලියාට ආහාර සොයාගැනීමේ අපහසුවක්ද පවතින බවයි.
බඳින තුවක්කුවක් පත්තුවීම හේතුවෙන් ඇවිදීමට බැරි තත්වයකින් සිටි වන අලියා ආහාර ලබාගැනීමට අපහසු වීම හා තුවාලය හේතුවෙන් දුර්වල තත්වයක ද පසුවිය.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බඳින තුවක්කුවක් පත්තු වී තුවාල ලැබූ අලියාට ප්රතිකාර