(ඩී.කේ.රත්න)
කුඩාඔය ඇතිලිවැව ගල්පොත්තආර ප්‍රදේශයේදී වෙඩි වැදුණු පුද්ගලයකු බරපතල තුවාල ලබා අද (13) තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට මාරුකර යවා ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
මොහු තම එළගවයින් බැලීමට නිවස ආසන්නයේ දී පිහිටි කැළෑවට යාමේදී නිවසේ සිට මීටර් 700 ක් පමණ දුරකින් කෑලෑ ප්‍රදේශයේ දී බදින තුවක්කුවක් පත්තුවීමෙන් මෙසේ බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවේ ඇතිලිවැව ගල්පොත්තආර පදිංචි වයස අවුරුදු 39 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බඳින තුවක්කුවක් පත්තු වී අයෙක් රෝහලේ