රොහාන් කුමාර
බෑනා බේරාගැනීමට බොරු සාක්ෂි දුන් නැන්දම්මාට වසරක සිරදඬුවමක් ලබා දෙන ලෙස කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය.
මෙලෙස දඬුවම් නියම කෙරුණේ කෑගල්ල හෙට්ටිමුල්ල පදිංචි ඇතුගල් පේඩිගේ ආරියවතී නමැති 67 හැවිරිදි කාන්තාවකි.
2015 ජනවාරි 28 වැනි දා හෝ ඊට ආසන්න දිනකදී තම දියණියගේ නිවසේ සිටියදී බැනා ලිංගික අතවරයක් කළේ යැයි කෑගල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ලගු නොවන විභාගයෙන් අනතුරුව නීතිපති වෙත ඉදිරිපත් කළේය.
ඉන්පසුව නීතිපතිවරයා විසින් සැකකරුට විරුද්ධව අධිචෝදනා ඉදිරිපත් කරමින් කෑගල්ල මහ අධිකරණයේ නඩු පවරනු ලැබිණි.
පළමු සාක්ෂිකාරිය ලෙස මෙම කාන්තාව සාක්කි ලබාදීමට කැඳවා රජයේ නීතිඥ නලින් හේවාවසම් මහතා විසින් සාක්කිකාරියගෙන් සාක්කි විමසීමේදි අධිකරණය හමුවේ පරස්පර ප්‍රකාශ ලබා දෙමින් අධිකරණය නොමග යැවීමට උත්සාහ කිරීම, අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වසරක සිරදඬුවම් ලබා දෙන ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෑනා බේරගන්න බොරු සාක්කි දුන් නැන්දම්මා හිරේට