(හාලිඇල- විජේරත්න රත්නායක)
මොණරාගල බන්ධනාගාරයට අයත් බන්ධනාගාර බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන වේල්ලේ හැපීමෙන් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් බන්ධනාගාර නියාමකවරයෙකු ඉන් එළියට විසිවී තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කොට ඇති බව ඇල්ල පොලීසිය පවසයි.
අද (30) අළුයම 12.10 ට පමණ අනතුර සිදුව ඇති අතර අනතුරට හේතුව බස් රථයේ තිරිංග ක්‍රියා වීමක් යැයි පැවසේ.
අධිකරණය මඟින් පරිවාසභාරයට පත්කරන ලද ළමයෙකු මෙම බස් රථය මඟින් ගෙනවිත් කැප්පෙටිපොල සහතික කළ පාසල වෙත භාරදී ආපසු යන අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 25- 26 අතරදී මෙම අනතුර සිදුව ඇති අතර ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ.අලගියවන්න මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිස් රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බන්ධනාගාර බස් රථ අනතුරින් රියරුදු හා නියාමක රෝහලේ